
(ඩයනා උදයංගනී)
මෙරට වයස අවුරුදු 19 ත් - 25 ත් අතර පසුවන තරුණයින් අතර එච්.අයි.වී ඒඞ්ස් ආසාදනයවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්‍ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.
දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ සායන වලින් සිදුකරන ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව මෙම කණගාටුදායක තත්ත්වය හඳුනාගත හැකි වූ බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මෙම වයස් කාණ්ඩය අතර ආසාදිතයින් හඳුනාගැනීම මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව හඳුනාගෙන ඇතැයි ද අධ්‍යක්‍ෂවරිය කීවාය.
විද්‍යාත්මක ගණනය කිරීම් අනුව 2020 වසර වන විට මෙරට එච්.අයි.වී ආසාදිතයින් 3600 ක් පමණ සිටිය යුතු වුවත් දැනට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබාගන්නේ 2000ක් පමණ ක් පමණ බව ද ඇය කීවාය.
ඉතිරි 1600 ක ප්‍රමාණය තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින්ද ආසාදනය විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද ඇය පැවසුවාය.

