තරුණ සේවා සභාව හරි පාරට වැටිලා


(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව නිවැරදි දිශානතියකට ගමන් කරමින් තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.

National Youth Sports Fest කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව කීය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී අද (23) මෙම ක්‍රීඩා උළෙල අරැඹිණි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියයට විසි තුනක් වූ තරුණ ප්‍රජාව youth club තුළට ගෙන ඒමට ලබන වසරේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. 

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම වෙනත් අමාත්‍යංශ වලද තරුණයින් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරමින් අනාගතයට ගැලපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

ක්‍රීඩාව තුළ කුසලාන යනු ජයග්‍රහණයේ සිහිවටන පමණක් බවත්, ඉන් ඔබ්බට යමින් ක්‍රීඩා සංස්කෘතියක් තරුණයන් තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් අවස්ථා නිර්මාණය විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.