
(යොහාන් භාසුර)
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය ස්ථාපිත ස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් ගෙවීම නාස්තියක් බවත් ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන ඒමට තීරණය කළ බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (2 ) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පැවැති විශේෂ හමුවේදී වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“තරුණ කටයුතු අමාත්‍යංශය සඳහා මාසිකව ලක්‍ෂ 39 ක් ගෙවීම ඇත්තෙන්ම නාස්තියක්. සල්ලි නාස්ති කරන්න හොඳ නෑ. ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩාංගණයට ගේන්න තීරණය කරලා තියෙනවා”
“සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉඩ තියෙනවා. තරුණ කටයුතු අමාත්‍යංශ එතනට ගෙනාවම ලක්‍ෂ 39 ක් ඉතිරි වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මෙහිදී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඕනෑම කටයුත්තකට මුදල් ලබාදීමේදී ක්‍රීඩා පාලක සභාව ඇතුළු උපදේශකවරුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන බවයි.

