තරු පහේ හෝටල් සාදයෙන් පිරිසකට තරු පෙනේ


දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ උපන් දිනය නිමිත්තෙන් සෙනසුරාදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාදයකදී රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ආහාර විෂවීමකින් පසු රෝහල්ගත කළ පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් උත්සවයට පැමිණ සිටි 200ක් පමණ අමුත්තන් අතර වූ බවත් හතු සුප් විස වූයේ දැයි සැකයක් පවතින බවත් ආහාර සාම්පල් බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතයට හා රජයේ රස පරීක්ෂක වෙත යැවූ බව කියති.

හෝටල් ආරංචි පවසනුයේ 12 දෙනකුට පමණක් මේ තත්ත්වය ඇතිවූ බවයි.