තර්ස්ටන් විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනපති කියයි


(අජන්ත කුමාර අගලකඩ)
 
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අවුරුදු අටක් තිස්සේ ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳව ඉක්මණින් සොයා බලා ස්ථිර විදුහල්පතිවරයකු පත්කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තමා ගිය සතියේ තර්ස්ටන් විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වූ බවත් එම විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු අවුරුදු අටක් තිස්සේ නැති බව එහිදී දැනගන්නට ලැබුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.