තඹුත්තේගම විරෝධයෙන් පාරත් ඇහිරේ


එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ නීතිය අහෝසි කරන්නයි ඉල්ලමින් ගොවීහු තුන්සියයක් පමණ තඹුත්තේගම ආර්ථික කලාපයේ විරෝධය පළ කිරීම නිසා අනුරාධපුරය - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනය ද අඩාල විය. ගොවීහු පාර මැද එළවළු ද ටයර් ද පිළිස්සූහ.