(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් අද (28) ගොවින් විශාල පිරිසක් තඹුත්තේගම නගරයේදි සිදුකල දැවැන්ත විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැර තිබේ.
අධිකරණයේ අණ නොතකා මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත විම නිසා පොලිසිය මෙසේ කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කොට තිබුණි.
අධිකරණ අණ නොතකා විරෝධතාවයේ යෙදුන ගොවියන් 40 කට අධික පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.පොලිසියත් විරෝධතා කරුවන් අතරත් සිදුවු ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය කියයි.