තඹුත්තේගම අනතුරකින් 4 ක් මරුට



(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම තිස්පනේපුර අසලදි  කුඩා ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ  ත්‍රිරෝද රථයක්  එකිනෙක ගැටිමෙන්  ත්‍රිරෝද  රථයේ ගමන්ගත් දස හැවිරිදි දරුවෙකු  ඇතුලු සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හුරිගස්වැව සහ ගල්නැව ප්‍රදේශයේ පදංචි කරුවන් සිවු දෙනෙකි.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් සිවු දෙනෙකුද තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.