තඹාලේ ගව ඝාතකාරයක් වටලා 7ක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

හජ් උත්සවය වෙනුවෙන්  සත්ව ඝාතන තහනම් කර තිබියදි පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ නීති නිරෝධී  ගව ඝාතනාගාරයක් තුළ  ගවමස් කිලෝ 1000 ට ආසන්න ප්‍රමාණයක් සමග ඝාතනය කිරීමට නියමිතව සිටි විවිධ වර්ගයේ ගවයින් 68ක් බේරාගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය කියයි.

නීති විරෝධී ගත ඝාතනාගාරයේ සිටි සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

හජ් උත්සවය නිමිත්තෙන්  සත්ව ඝාතනය තහනම් කර තිබිය දී  මෙම ස්ථාන තුළ නීති විරෝධීව ගව ඝාතනය  සිදුකරන බවට විශේෂ කාර්ය බලකාය වෙත  ලැබුණු තොරතුරු අනුව  අද  (21) අලුයම 5.00 ට පමණ මෙම වැටලීම සිදුකළ බව විශේෂ කාර්ය බලකාය බවසයි.

නිලධාරීන් විසින් එම ස්ථානය වැටලු අවස්ථාවේ එහි ඝතනය කර තිබු ගවයන්ගේ  මස් කිලෝ 1000 ක ප්‍රමාණයක් සහ ඝාතනය සුදානම් කර තිබු   ගවයන් 68 ක් විශේෂ කාර්ය බලකාය විසින් බේරාගෙන ඇත.

බේරාගත් ගවයන්  68 දෙනා අතර  ගවයන් 13 ක්,  එළදෙනුන් 25 හා වසු පැටවුන් 28 ක්   සිටින බව  විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මෙම ස්ථානය තුළ ගවයින් ඝාතනය කිරීමට  කිසිදු බලපත්‍රයක් නොමැති බවද  විශේෂ කාර්ය බලකාය පවසයි. අත්අඩංගුවට ගත්  සැකකරුවන් හා ගවයින්   වැඩිදුර පරීක්ෂණ සදහා පුලස්තිපුර පොලිසියට  ඉදිරිපත් කර ඇත.