තඹ කම්හලේ සිද්ධියට 10 වැනි සැකකරු යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 10 වැනි සැකකරු තවදුරටත් ජුලි 8 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නැමැත්තාය.

මෙම සිද්ධියට අදාළව ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු ඉන්සාක් අහමඩ් නැමැත්තා මෙම සැකකරුට චෙක්පත් තුනක් ඔහුගේ නමට ලියා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේය.