(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදි ජනතා උද්ඝෝෂණයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මියයෑම හෙලා දැක විරෝධතාවක් හා ඔවුන් සිහිකිරිමක් අද (26) ත්‍රිකුණාමලයේදී පැවැත්වුණි.
දෙමළ ජාතික ජනතා සංවිධානය නම් වු සංවිධානයක් මගින් මෙම විරෝධතාවය හා අනුස්මරණය පැවැත්විය. එයට සහභාගි වූ පිරිස් පැවැසුවේ විරොධතා පැවැත්වීම ජනතාවට ඇති අයිතියක් බවත්, එයට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම තරයේ හෙලා දකින බවත්ය. ත්‍රිකුණාමලය විදුලි බලාගාර මාවතේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව මියගිය අය සිහිකර ඉටිපන්දම් දල්වනු ලැබිය.
තමිල්නාඩු ප්‍රාන්තයේ 23දා සිදුවු මෙම වෙඩිතැබිමෙන් මියගිය අය අතර ශ්‍රි ලාංකිකයෙකුද සිටින බව විරෝධතාකරුවෝ පැවසුහ.