තමිල්නාඩුවේ 500ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට බල කරමින් ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු ඉන්දීය තමිලගා වල්වරුමායි හෙවත් ටී.වී.කේ. පක්ෂ සාමාජිකයින් පන්සිය ගණනකට වැඩි පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි " ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ දුම්රිය ස්ථාන කිහිපයක් අවහිර වන ආකාරයෙන් ඔවුන් අද දිනයේ උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද එහි වාර්තා වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය ලබාදිය යුතු බවත්, පසුගියදා මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරගත් යෝජනාව මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, උද්ඝෝෂකයින් පවසා ඇත.