තම්බපණ්නියේ අවතැන් වු පවුල් 30 ක් තබ්බෝව විහාරයට



 
ජයරත්න වික්‍රමාරච්චි 
 
කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ජලාශය පහළ තම්බපණ්නිය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 30ක් අද (25) අලුයම තබ්බෝව විහාරස්ථානයට රැගෙන ආ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් මහතා පැවසීය.

මේ සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සහයෝගය ලබා ගත් බවද ඒ මහතා කීය.

පවතින අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සම අද අලුයම විවෘත කෙරිණි.

මේ අතර රාජාංගණය ජලාශයේ වාන්දොරටු 2ක් අඩි 1 බැගින් විවෘත කර ඇති බව රාජාංගණය වාරිමාර්ග කාර්යාලය පැවසීය.