( නිමන්ති රණසිංහ )
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවේ ප්‍රකාශ කළහ.
නීතීපති උපදෙස් ප්‍රකාරව මෙම සිදුවීමට අදාළව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව චෝදනා කියවා දෙනු ලැබු අවස්ථාවේදී උන්වහන්සේ එලෙස ප්‍රකාශ කළහ.
ඒ අනුව සිද්ධියට අදාළ විභාගය ජුලි මස 7 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය

