තබ්ලාවක් නිහඬවෙයි
ප‍්‍රවීන සංගීතඥ විජේරත්න රණතුංග (68) මහතා ජාතික රෝහලේ දී අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය. ප‍්‍රවීන ගායන ශිල්පිණි නිර්මලා රණතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විජේරත්න මහතා දක්ෂ තබ්ලා වාදක ශිල්පියෙකි. එක් දරු පියෙකි. මිරිහාන, දාබරේ මාවතේ අංක 67/12 දරණ සිය නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කැර ඇතැයි ඥාතීහු කියති.

