තබ්බෝව වාන් දොරටු සියල්ල විවෘතයි



 
රෝවන් පෙරේරා, ජුඩ් සමන්ත සහ ජයරත්න වික්‍රමරාච්චි
 

මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට දරාගත නොහැකි තරම් ජලස්කන්දයක් ගලා ඒම හේතුවෙන් අද (25) අලුයම වාන් දොරටු 20 ම  විවෘත කළ බවත් තබ්බෝව අංක 1 ගම්මානයට ගංවතුර තත්වයක් ඇති වන බැවින් එහි ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමනාකරණ ඒකකය සහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


තබ්බෝව ජලාශයෙන් මී ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තප්පරයට ඝණ අඩි කියුබික් 5750 ඉක්ම වන බව පුත්තලම වාරිමාර්ග ඉජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.

ඡායාරූප - ජයරත්න වික්‍රමරාච්චි