(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වනවිට වසා දමා ඇති බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (25) දින උදෑසන වනවිට එම තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සම විවෘත කර තිබුණි.
කාලගුණික වෙනස්වීම් මත දහවල් කාලයේ සිට ක්‍රමයෙන් වාන් දොරටු වැසීම සිදුකළ අතර, ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට දොරටු සියල්ලම මෙසේ වසා දමා තිබේ.
තබ්බෝව ජලාශයේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 15,400කි. අද (26) උදෑසන වනවිට එය උසින් අඩි 17 අඟල් 3ක්ව තිබූ බවද වාරිමාර්ග කාර්යාලය දැනුම් දුන්නේය.
ඉදිරියේ ඇතිවන කාලගුණික වෙනස්වීම් අනුව අවශ්‍ය පියවර ගන්නා බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.