තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් විවෘත කරයි


එච් . චන්දන )

පවතින වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ  වාන් දොරටු 20 විවෘත කර ඇති බව පුත්තලම  අපදා කළමණාකරණ ඒකකය කියයි.

 අද(04) දා  දහවල් වන විට  දොරවල්  14 ක් අගල් 03 බැගින් ද  දොරවල් 06 ක්  අඩි 02 ක බැගින්ද විවෘත කර ඇත. තබ්බො ජලාශයේ ඉහල ප්‍රදේශයට වර්ෂාව ලැබීම  නිසා  ජලාශයේ ජල මට්ටම පාලනය කර ගැනීමට මෙම  දොරවල් විවෘත කර ඇත.

තබ්බෝව ජලාශයේ දොරටු 20 ඇත.

 ඒ අනුව තබ්බෝව ජලාශයෙන් තප්පරයකට ජලය ඝණ අඩි තුන්දහස් දෙසීයක් පිට කෙරෙන බව පුත්තලම වාරිමාර්ග කාර්යාලයේ නිලධාරියෙකු  සදහන් කලේ.