හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් ජාතික පක්ෂයට ඕනෑම අවස්ථාවක තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (24) පැවැසීය.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත් වුවත් ආණ්ඩුව කඩා නොවැටෙන බව ද මන්ත්‍රීවරයා කීය.
කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය.
“අපිට ඕනෑම වෙලාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. අපි මුල ඉඳන්ම කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට යමු කියලා කිව්වා. එහෙත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකතුවෙලා යමු කියලා කිව්වා. දැන් එහි අවසානය ඇවිල්ලා.
නියෝජ්‍ය කතානායක ධුරය ගැනත් කතාවක් තිබෙනවා. එහි අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. තිලංග සුමතිපාල මහතා ඉන් ඉවත් වුණා. ඒත් සමඟම එම තනතුරේ පුරප්පාඩුවක් ඇති වී තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මගේ නම යෝජනා කර තිබෙනවා. මම ඒ ගැන තවමත් තීරණයක් ගෙන නැහැ. එය යෝජනාවක් පමණයි. අපි තනතුරු බලාගෙන වැඩ කරන්නේ නැහැ. අපි කැබිනට් අමාත්‍යධුර ඕනේ කියලා කිව්වෙත් නැහැ. තනතුරු ලැබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ.‘‘
ඡායාරූප ඡයමාල් චන්ද්‍රසිරි