තනි දළයා වෙඩි තබා මරලා


හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවත්නා හබරණ හුරුළු පාරිසරික වනෝද්‍යානයේ වෙඩි තබා මරා දැමුණු තනි දළ ඇතෙකුගේ සිරුරක් සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.

අවුරුදු 15ක් පමණ වයසැති ඇතාට සතියකට පෙර හිසට වෙඩි තබා මරන්නට ඇතැයි නිලධරයෝ පවසති.

මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යානවල අලි ඇත්තු පාරිසරික වනෝද්‍යානයක මේ දිනවල එම කාලයේදී සංක්‍රමනය වෙති.