තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත වේ


අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් අද (12) ඇරැඹිණි.  ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ පිංකම සංවිධානය කරයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ   නායකත්ව මණ්ඩල සභික රුවන් විජයවර්ධන, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් සහ රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ මහත්වරු  අද  විදුලි ආලෝකය විවෘත කළහ.

තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නා හිමියන්ගේ අවවද අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.