තනතුරු අහිමි වූ නාගරික කොමසාරිස්වරු ප්‍රධාන ලේකම් කාර්යාලයට එති


(ජයන්ත සමරකෝන් )
 
කොළඹ මහ නගර සභාවේ හිටපු  නාගරික කොමසාරිස්වරු  දෙදෙනකු  සිය තනතුරු අහිමි වීමෙන් පසු මේ වන විට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්  කාර්යාලයට අනියුක්තව එකම පැමිණිමේ ලේඛනයේ අත්සන් කරන බව වාර්තා වේ.


2015 ජනවාරි 12 වන  දින සිට විනය චෝදනාවක්   යටතේ  යැයි  ඉවත් කරන ලද නාගරික කොමසාරිස්  භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ වන විට වසර 3 කට අධික කාලයක් තිස්සේ  පරීක්ෂණයකට  මුහුණ දී සිටින බවද පැවසේ.


ඇයගෙන් පුරප්පාඩු වු  තනතුරට පත් කළ හිටපු  නාගරික කොමසාරිස්  වී.කේ.ඒ අනුර මහතා මීතොට මුල්ල කුණු කන්ද කඩා දැමීමේ සිද්ධියේ  සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවකට අනුව එම  එම තනතුරෙන් ඉවත් කරනු ලැබුයේ  ඉකුත් මාර්තු  මස 2 වැනිදාය.

මේ වන විට එම දෙදෙනාම ප්‍රධාන ලේකම් කාර්යාලයේ එකම පැමිණිමේ ලේඛනයේ අත්සන්  තැබීමේ   ක්‍රියාව පුදුම සහත බව නිලධාරීහු පවසති.