(ජේ. පී. ආරච්චිගේ)
හදිසියේ හටගත් ටොනේඩෝ සුළං තත්වයක් හේතුවෙන් දෙවිනුවර රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ලේ වහලයේ උළු ගැලවී විසිරී ගොස් කැඩීගිය උළු කැට කැබලි වැටීමෙන් දහම් පාසලේ ශිෂ්‍යාවන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
අද (08) උදෑසන මෙම සුළං තත්ත්වය ඇතිවී ඇති අතර ඒ වන විට දහම්පාසලේ දරුවන් හාරසියයකට අධික පිරිසක් දහම් අධ්‍යාපනයේ යෙදී සිට ඇත.
සුළු තුවාල ලත් ශිෂ්‍යාවන් දෙවිනුවර නගරයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙනගොස් ප්‍රතිකාර ලබාදී නිවෙස් කරා පිටත් කර යැවූ බව දහම්පාසලේ ප්‍රධානාචාර්ය දෙවිනුවර සුසීල හිමියෝ පැවසූහ.
මෙම සුළං තත්වය හේතුවෙන් විහාරස්ථානයේ තවත් ගෙඩනැගිල්ලකට හා විහාරස්ථානය ට නුදුරු නිවසක වහලයටත් හානි සිදුව තිබුණි.