රඹෑව මනුල වික්‍රම
අද පස්වරුව් ඇති වූ තද සුළඟකින් අනුරාධපුර පරසන්ගස්වැව ගම්මානයේ නිවාස පහකට වෙළඳසැල් කිහිපයකට හානි සිදුව තිබේ.
වර්ෂාවත් සමග පස්වරු 2 ට පමණ තද සුළඟ නිසා ඉතා සුළු කාලයකදී හානි සිදු වු බව ප්‍රදේශවාසීහු පවසති. මෙම නිවාස වල වහලයන් සුළඟට හසුව කැඩීබිඳී තිබෙන අයුරු දක්නට ලැබිණි.