අම්පාර වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සීමාවේ නවගම්පුර ගම්මානය හරහා හමා ගිය සුළගක් නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් හානි වි ඇති බව අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ මහතා පැවසිය.
අද සවස අධික වර්ෂාව සමඟ සුළං තත්වය ඇතිවි තිබේ. මෙම සුලි සුළඟ නිසා අම්පාර නගර සීමාවේ නවගමුපුර ගම්මානයට වැඩිම හානියක් සිදුව තිබේ.
නිවාස දෙකක වහලය ගැලවි මුලුමනින්ම විනාශ වි තිබේ. බොහොමයක් නිවාස වලට අර්ධ හානි සිදුව ඇත. ගස් කඩා වැටීම නිසා අභ්‍යන්තර මාර්ග අවහිර වි ඇති අතර අම්පාර නගර සභාව සහ අම්පාර පොලිසිය අම්පාර දිසාපති කාර්යාලය මැදිහත්ව ඒවා ඉවත් කිරිමට කටයුතු කරමින් සිටි.