(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ගාලු පාරේ අධ්‍යාපන ආයතනයක් පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලින් ඊයේ(18) රාත්‍රී නාඳුනන පුද්ගලයකු බිමට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු හැඳ සිටි බවට සැකකරන සරමක් ඉහළ මහලේ පිටුපසට වන්නට වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉහළ මහලේ පිහිටි අධ්‍යාපන ආයතනයේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ බවට සැකකරන මෙම පුද්ගලයා පිටුපස දොරේ වීදුරුව කඩා පිටතට පැමිණීමේදී එහි කොට තාප්පය මගින් බිමට වැටෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

