තංගලූ ප‍්‍රාදේශීය සභාපතිත් යළි රිමාන්ඩ්
තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය පුරවැසියකු ඝාතනය කැර ඔහුගේ රුසියා ජාතික පෙම්වතියට තුවාල කළැයි සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකාද සිල්වා මෙනවිය අද නියෝග කළාය.
සැකකරුවන් හෝටලයට පැමිණි වෑන් රථයේ අයිතිකරු වන නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත‍්‍ර නිලධාරී පියදාස වීරකෝන් දසනායක ද ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කැරිණි. ඔහුට ඇප දීම ගැන එදින සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. ප්‍රාදේශීය සභා සභාපතිට මීළඟ රැස්වීමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය. ඊළඟ නඩු දිනයේ දී එය සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය පැවසුවාය.
තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත්, විතාරන්දෙනියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරක්කොඩිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශප‍්‍රිය රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

