තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්?


තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික ලේකම් ද නීතිඥයකු මගින් තංගල්ල පොලිසියට අද බාර විය. දන්කැටියේ පදිංචි ඔහු මෙහෝට්ටිගේ සරත් නොහොත් සහන් බවට හඳුනාගෙන ඇත. පොලිසියට බාර වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අද රාත්‍රි වනතුරුත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කැර නොතිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කෙළේ ඔහු හා තවත් දෙදෙනකු වෙනුවෙන් පැය 72 සඳහා රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි. මාතර මහා රෝහලේ  මෘත ශරීරාගාරයේ තිබූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර  අද රාත්‍රියේ ශ්‍රී ලාංකාවේ බ්‍රිතන්‍ය තානාපති කාර්යාලයයට බාර දීමට නියමිතව තිබිණි. රුසියා ජාතික වික්ටෝරියා ඇලේක්සැන්ඩර් (23) තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිතව සිටියාය. තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව  පෙලිසිය කියයි.