අනීෂා මානගේ
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමට කරන සහයෝගයක් වශයෙන් අද(29) දින සිට නඩු කටයුතුවලට පෙනී නොසිටීමට තීරණය කළ බව තංගල්ල නීතීඥ සංගමයේ ලේකම් ප්‍රදීප් රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ල නීතීඥ සංගමයේ නීතීඥවරු 45 දෙනකු මෙලෙස අද(29) සිට මැයි මස 11 වැනිදා දක්වා නඩු කටයුතුවලට පෙනී නොසිටින බවට ඒකමතිකව තීරණය කළ බව තීතීඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා කීය.

