තංගල්ලේ තවත් තිදෙනෙක් බාර වෙති
තංගල්ල මැඩිල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මනෝජ් ප්‍රසන්න, නිරෝෂණ වීරකෝන් හා බුද්ධික ප්‍රදීප් නම් තිදෙනකු නීතිඥයකුගේ මාර්ගයෙන් තංගල්ල පොලිසියට අද (28) සවස බාර වූ බව පොලිසිය කියයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

