තංගල්ලේ කට්ටිය ඇපෑල් ගනිති


තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී විසි වසරක් සිර ගෙට නියම  තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව් දෙනා   අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඕ ඒ ලහිරු කැලුම් , යු සමන් දේශප්‍රිය සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග ඔවුහුය.

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ විභාග වූ නඩුවෙන් ඔවුහු වැරදිකරුවෝ වූහ.

දඬුවම් ඉවත් කර තමන් නිදහස් කරන්නැයි ඔවුහු ඉල්ලති.