
(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල සීනිමෝදර වෙරළට අයිස් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ධීවර යාත්‍රාව සහ එය පදවන ලද සැකකරු තංගල්ල රැකව, පොකුණගොඩ ප්‍රදේශයේදී නාවික හමුදාවේ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (02) අළුයම සිදුකල මෙහෙයුමකදී අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු දෙවිනුවර, වාව්ව, දංකැටිය පාර, බෝගහහේන ලිපිනයේ පදිංචි 49 හැවිරිදි ධීවරයෙකි.
තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සහ ධීවර යාත්‍රා අත් අඩංගුවට ගැනීමට තංගල්ල මූලස්ථාන පොලිසිය ,තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

