තංගල්ල ප්‍රා.සභාපතිත් හඳුනා ගනී


තංගල්ල මැඩිල්ල හෝටලයේදී තමාට හිරිහැර කළ සැකකරුවන් කිසිවකුත් හඳුනා ගැනීමට රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් තරුණියට නොහැකිවිය. එහෙත් සෙසු සාක්කිකරුවෝ ඔවුන් හඳුනා ගැනීමට සමත්වූහ. නඩුව සිකුරාදා යළි කැඳවීමට තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, විතාරන්දෙණියේ  ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරප්පුලිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශපි‍්‍රය මේ අනුව රිමාන්ඞ් කරනු ලැබූහ.