බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂික් ඝාතනය කැර ඔහුගේ රුසියන් මිතුරිය 2011 දෙසැම්බර් 24 වැනිදා හිරිහර කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශිය සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යා පතිරණ අත්අඩංගුවට ගැනීමට අද වරෙන්තු නිකුත් විය.
මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ නඩු විභාගය ගත් අවස්ථාවේ ඇපකරුවන් කියා සිටියේ සභාපති අසනීප වී ගාල්ලේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවයි.
නඩු විභාගය ජනවාරි 22 දක්වා කල් තැබිණි.