තංගල්ල ප්‍රා සභාපතිට ඇප නෑ


බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණට ඇප ලබාදීමේ ඉල්ලීම සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) තීන්දු කළේය.

2011 වසරේදී සිදුකළ මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපති සමග ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රගීත් චතුරංග සහ ඩබ්ලිව්.චතුරංග යන අය රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.