බ්‍රිතාන්‍ය ජාතික ෂෙයින් කුරාම් මරා දමා ඇයගේ රුසියා ජාතික පෙම්වතිය සමුහ දුෂණයට ලක් කිරිම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ වසර 20 ක සිර දඬුවම ඇතුළු දණ්ඩ නියෝග ඉවත දමා , තමන් නිදොස් කර නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු පිරිසක් ගොනු කළ අභියාචන පෙත්සම ලබන ඔක්තෝම්බර් 22 වැනිදා විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (03) තින්දු කළේය.
එච්.ඇන්.ජේ.පෙරේරා සහ කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරු පෙත්සම සළකා බැලුහ. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකු ගොනු කර තිබු මෙම අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නිතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.

