තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ්
තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු දෙදෙනකු ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය විසින් රිමාන්ඩ් කරන ලදී.
එදිනට මොවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේත්‍රාත්වරිය නියෝග කළාය.
රිමාන්ඩ් කළ අනෙක් සැකකරු වූයේ නලගම පදිංචි ඩබ්ලිව් ප්‍රවීන් චතුරංග නැමැත්තාය.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස් දෙනකු රිමාන්ඩ් කර සිටින අතර තවත් සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

