තංගල්ල ධීවර වරාය අසල කාන්තා මළ සිරුරක‍්


(පද්මසිරි ගාර්දියවසම් )                    

තංගල්ල ධීවර වරාය අසල මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 

මියගිය කාන්තාව රන්න තලුන්න ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක් දරු මවක් බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි .     

 ඇයගේ මරණය සිදුවූ අයුරු හෙලිකරගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කල බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .