තංගල්ල ඝාතනයට දේශපාලන බලවතෙක් හවුල්?


තංගල්ල මැඩිල්ලේ අවන්හලකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු මරා ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළයි සැකපිට ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු දස දෙනෙකු ගැන විශේෂ පොලිස් කන්ඩායම් තුනක් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම දේශපාලනඥයා ඇතුළු පිරිස එහි මත්පැන් බොමින් සිටි බවත්, ඔහු අත කුඩා අවියක් තුබූ බවත් කියති. තංගල්ල සංචාරකයන් මග පෙන්වන්නන්ගේ සංසදය මේ ඝාතනය හා ප්‍රහාරය හෙළා දකී.