තම ප්ලාස්ටික් කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමට ණයක් ගැනීමට ගොස් කඩවත,මහර නුගේගොඩ පී.එච්.කේ.ඞී බන්දුවර්ධන මහතාගේ ව්‍යාපාරය කඩා වැටුණේය. කලක් රටටම තම දස්කම් පෙන්වූ ඔහු දැන් සිටින්නේ නැගිටින්නට අවැසි පිළිසරණක් නැතිවය.
බන්දුවර්ධන මහතා ප්ලාස්ටික් නිර්මාණ හා ප‍්‍රතිචක‍්‍රීකරණ කර්මාන්තශාලාවක හිටපු හිමිකරුවෙකි.තමන්ගේම කියා කර්මාන්තශාලාවක් උරුම කර ගැනීමට විඳි දුක මෙතෙකැයි කියා කිව නොහැකි තරම් යැයි ඔහු කියන්නේය.
‘‘රුපියල් 300 කින් මම මගේ ගමන පටන් ගත්තේ.ප්ලාස්ටික් නිෂ්පාදන ගැන මගේ තිබුණේ පුදුම ඇල්මක්.ඒ ඇල්ම නිසාම පොත පතේ දැනුම නැති වුනත් දන්න කියන හැටියට වැරදි වැරදි මම ශිල්පය ඉගෙන ගත්තා.
මම වැඩ පටන් ගත්තේ 70 දශකයේදී මුලින්ම මම හැදුවේ ඒකාලයේ තිබ්බ ලොකු හෝර්ලික්ස් බෝතල්වලට ගැලපෙන මුඩි.ඉවතලන ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රකරණය කරලා තමයි ඒවා හැදුවේ.ඒවා හදන්න යොදාගත් යන්ත‍්‍රය මමම නිපදවූ එකක්‘‘ ඔහු පවසන්නේය.
ඔහුගේ ප්ලාස්ටික් මුඩි වෙළදාම ජයටම සිදු විය.එයින් ලද පන්නරය තවත් ක්ෂේත‍්‍ර වල අත්හදා බැලීම් කිරීමට ඔහුට මං පෑදීය.
‘‘ඊට පස්සේ පිඟන්,කෝප්ප,බේසම් ආදී දේවල් මම හදන්න ගත්තා.ඒවාට වුවමනා යන්ත‍්‍ර සූත‍්‍ර මමම මැදිහත් වී පිටරටවලින් ගෙන්වා ගත්තා.ඒවා කි‍්‍රයාකරවන්නේ කොහොමද ආදී සියලූ දේ මම ඉගෙන ගත්තේ තනියෙන්මයි.මේ වගේ භාණ්ඩ හදද්දී ඉතින් ලාභය කියලා ඉවත ලන ප්ලාස්ටික් පාවිච්චි කරන්න මම කැමති වුණේ නැහැ.මොකද ඒවා මිනිස්සු දිනපතා භාවිතා කරන ඒවානේ.ඉතින් වුවමනා පිරිසිදු අමුද්‍රව්‍යයත් මම වෙනම මුදලක් වියදම් කරලා මිලදී ගත්තා‘‘ ඔහු එසේ අතීතය සිහිපත් කරන්නේය.ඔහු එතනින්ද නතර නොවුණේය.
‘‘මේ යන්ත‍්‍ර ටික එකතැනකට ගෙනල්ලා මම මගේම කියලා පොඩි කර්මාන්තශාලාවක් පටන් ගත්තා.මුලින්ම වැඩට හිටියේ මගේ සහෝදරයින් දෙන්නා.අපි තවත් නිමැවුම් හැදුවා ප්ලාස්ටික් වලින්.පස්සේ ප්ලාස්ටික් බෝල නිපදවීමටත් අත ගැහුවා.ඒකට අවශ්‍ය වුණු යන්ත‍්‍රය නිපදවූයේත් අපිමයි.‘
මෙසේ ඔහු ගම්පහ දොරණාගොඩ තම කර්මාන්තශාලාව පිහිටවූවේය.
එදවස බන්ධුවර්ධන මහතාගේ නිමැවුම් වලට ලංකාව පුරාම ඉහළ ඉල්ලූමක් තිබී ඇත.
‘‘අපි සමහර දවස් වලට එළිවෙනකන්ම වැඩ.කොහොම හරි ඉල්ලන ප‍්‍රමාණයට භාණ්ඩ හදලා දෙනවා.ඒවා වෙළදසල්,ගබඩා වලට ගෙනිහින් දාන්න මමත් යනවා ලංකාව පුරාම.උතුරු පැත්තෙන් තමයි භාණ්ඩ වලට හොද ඉල්ලූමක් තිබුණේ.මේ කාලය වෙනකොට අපි ඉදිආප්ප තට්ටු මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරමින් හිටියේ.ඒවාට තමයි වැඩිම ඉල්ලූමක් තිබුණේ‘‘ ඔහු කියන්නේය.
සියල්ල හොදින් සිදුවෙමින් තිබියදී 80 දශකයේ කලබලත්,එයින් පසුව ඇරඹුණු සිවිල් යුද්ධයත් බන්ධුවර්ධන මහතාගේ ව්‍යාපාරයට එල්ල කළේ දැඩි පහරකි.
‘‘ඒ පැත්තෙන් ලැබුණු ඇණවුම් නැති වෙලාම වගේ ගියා.අපි සෑහෙන්න වැටුණා.නමුත් කොහොම හරි නැගිටගන්නත් පුළුවන් වුණා.මේ කාලය වෙනකොට අපි ප්ලාස්ටික් නිශ්පාදන වලට අමතරව නයිලෝන් නිශ්පාදන වලටත් අතගහලා තිබුණේ.නයිලෝන් වලින් හැදු දැති රෝද එහෙම අපි කාබුල් ලංකා වැනි සමාගම් වලට සැපයූවා‘‘ ඔහු පවසන්නේය.
විවෘත ආර්ථිකයේ ප‍්‍රතිඵලක් ලෙස ඇතිවුණු මහා පරිමාණ ප්ලාස්ටික් නිශ්පාදන සමාගම් හා කරට කර තරගයක් දීමටත් බන්ධුවර්ධන මහතාගේ කුඩා කර්මාන්තශාලාව සමත් වූවකි.ඔහු පවසන ආකාරයට එවන් එක් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු ඔහු හා කෝන්තරයක්ද ගොඩනගාගෙන තිබී ඇත.
නැගෙමින් තිබූ බන්ධුවර්ධන මහතාගේ ව්‍යාපාරය සිතාගැනීමටත් නොහැකි පරිදි කඩාවැටීම ඇරඹුණේ 2006 වසරේදීය.
‘‘ඔක්කොම පටන් ගත්තේ මම කර්මාන්තශාලාව පිහිටි ඉඩම උගසට තබා රුපියල් ලක්ෂ 10 ක් ගන්න සැළසුම් කළාට පස්සේ.කර්මාන්තශාලාවේ වැඩකටයුතු වලට අලූත් මුහුණුවරක් දෙන්න මට ඕනෑ වුණා.
මුල්‍ය සමාගමකුත් සම්බන්ධ කරගෙන මට මුදල් දෙන්න පොරොන්දු වුණා.ඒත් පොරොන්දු වුණු ලක්ෂ 10 න් මගේ අතට ලැබුණේ ලක්ෂ 2 හමාරක් වගේ මුදලක්.ඒක මගේ වැඩවලට මදි වුණා.
කමක් නැහැ කියලා ඒකෙන් අලූත් අමුද්‍රව්‍ය අරන් කර්මාන්තශාලාව පටන්ගෙන කරගෙන ගියා. නමුත් සිතාගෙන සිටි විදිහට නවීකරණ කටයුතු කරගන්න බැරිවුණ නිසා ඒවා නාස්ති වුණා.මේ අතරෙදී අර සමාගමෙන් මට ලිපි එන්න ගත්තා ණය ගෙවන්නය කියලා.‘‘ ඔහු විස්තර කරන්නේය.
නොමැඩුණු හේ තම කර්මාන්තය සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සැකසීය.එය පෙන්වමින් බැංකුවෙන් බැංකුවට යාමට පටන්ගත්තේය.තම කර්මාන්තයට අනාගතයක් තිබෙන බවත් අවශ්‍ය වන්නේ මූල්‍යමය තල්ලූවක් බවත් හඩගා කීමට ඔහුට අවැසි විය.
‘‘සමහර අය කෙලින්ම ප‍්‍රතික්ෂේප කළා.සමහරු අනුකම්පා කළා.ජාතික සංවර්ධන බැංකුවේ මහත්වරුන් නම් ඉතා උනන්දුවෙන් මගේ ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කළා.ඔවුන් එවලේම ලෑස්ති වුනා මට ණයක් ලබා දෙන්න.නමුත් ඉඩමේ ඔප්පුව තවත් සමාගමක ඇපයට තියලා කියලා දැනගත්තහම ඔවුනුත් අදිමදි කරන්න ගත්තා.ඔවුන් කිව්වේ ඔප්පුව බේරගෙන එන්න.එතකොට අපි උදවු කරන්නම් කියලා.‘‘
මේ කටයුතු නිසා කර්මාන්තශාලාවේ වැඩකටයුතුද අඩාළ විය.අමුද්‍රව්‍ය ලබාගැනීමට මුදල් නොමැතිකමින් කර්මාන්තශාලාව වසා දැමිමට බන්දුවර්ධන මහතාට සිදුවිය.
වරක් සශී‍්‍රකව තිබෙන්ට ඇතැයි ලකුණු ඇති මේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දුක්මුසුය.අක්‍රියව සිටියද යන්ත‍්‍ර වැඩ කිරීමට තමන්ට තවමත් හැකි බව නිහඩව කියාපාන්නා සේය.
‘‘මට දැන් ඕනෑ මේ ඔප්පුව බේරා ගන්න.ඒක තියලා ගත්තු ණයට දැන් පොලී එකතු වෙලා ලක්ෂ 7 ක් පමණ වෙලා ඒක කරගත්තොත් මට නැවත ණයක් අරගෙන කර්මාන්තශාලාව පටන් ගන්න පුළුවන්.මුකුත්ම බැරි වුනොත් මම ඉන්නේ මේ සියල්ල විකුණලා දාලා ණය බේරා වෙන තැනක අලූතින් පටන් ගන්න.මගේ ලේ දහඩිය වැයකර ගත්ත මේ යන්ත‍්‍ර සූත‍්‍ර මට මගේ දරුවෝ වගේ.ඒවා විකුණන්න මට අමාරුයි.‘‘ එම යන්ත‍්‍රයන් අතගාමින් ඔහු දුක්මුසුව පවසන්නේය.
මේ දිරිය මිනිසා කර්මාන්තශාලාව පටන් ගැනීමට යන්නේද දැක්මක් ඇතිවය.
‘‘කර්මාන්තශාලාව පටන් ගත්තොත් මම හිතන් ඉන්නේ සපත්තු අඩි නිෂ්පාදනය කරන්න.ඒවාට හොද වෙළදපොළක් දැන් ලංකාවේ තිබෙනවා.අනෙක මම දැන් වයසයි.මම කැමතියි මේ කර්මාන්තශාලාව විකුණන්නේ නැතිව වැඩ කරගෙන යන්න පුළුවන් තරුණයින් කිහිපදෙනෙකු ලවා හරි දිගටම කරවාගෙන යන්න.
ඒ වගේ කිහිප දෙනෙකුම මට මේ වෙනකොටත් හම්බවෙලා තිබෙනවා.එගොල්ලොත් කියන්නේ මහත්තයා ඕක කොහොමහරි පටන්ගන්න,අපි එනවා වැඩකරන්න කියලා.‘‘ අනාගතය ගැන සුභ සිහින දකින ඔහුගේ දෑස දිලේ.
‘‘මුළු කර්මාන්තශාලාවම එකසැරේ පටන් ගන්න අදහසක් දැනට මට නැහැ.කොටසක් වගේ පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.ඒක කරන්නත් මුදල් අවශ්‍යයි.මොකද ලාභ ලැබෙනකන් විදුලි බිල්,සේවකයින්ගේ පඩි නඩි,අමුද්‍රව්‍ය වලට වගේ දේවල් වලට මුදල් වැය කරන්න වෙනවානේ‘‘ බන්දුවර්ධන මහතා කියන්නේය.
කෙසේ හෝ අටවාගත් යමක් නිපදවා ලාභ ලැබීමට තමන්ට වුවමනා තරම් අවස්ථා ව්‍යාපාරය කඩා වැටුණු දා සිටම තමන්ට තිබුණේ යැයි බන්දුවර්ධන මහතා කියන්නේය.
‘‘වෛද්‍යවරයකු මගේ වැඩ ගැනයි කර්මාන්තශාලාව ගැනයි පැහැදිලා වරක් කිව්වා අපි සිරින්ජ නිශ්පාදනය කරමුයි කියලා.හොද ඉල්ලූමක් තිබෙන ක්ෂේත‍්‍රයක්.මම කැමති වුනේ නැහැ.සිරින්ජ හදන්න ඕනේ හොද පිරිසිදු තැනක සුදුසු යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරලා.මගේ වගේ කර්මාන්තශාලාවක් ඒ වගේ දේකට ගැලපෙන්නේ නැහැ.මම ඒක තේරුම් කර දුන්නට පස්සේ ඒ මහත්තයත් ඒක තේරුම් ගත්තා.‘‘ ඔහු පවසන්නේය.
ණය බරත් සමග ඔහුට පවුලේ බර දරන්නද සිදුව ඇත්තේය.බන්දුවර්ධන මහතා දුවණියන් තිදෙනෙකුගේ පියෙකි.ඔහුගේ වැඩිමල් දුවණිය රාගම පුනරුත්ථාපන රෝහලේ වෘත්තීය පුහුණු අංශයේ පුහුණුව ලබන්නීය.මද්දුමයා ඇදුම් නිර්මානය පිළිඹද ඩිප්ලෝමාවක් හදාරන්නීය.බඩපිස්සිය තවමත් පාසල් යන්නීය.
‘‘කවුරුහරි මැදිහත් වෙලා මට මේ ණය බර නිදහස් කරලා දෙනවානම්.ලොකු උදවුවක් ඇත්තටම.මම නැවත වැඩ පටන් ගන්න ලෑස්තියි.දැනුත් ඒ කාලයේ මගෙන් බඩු ගත්තු අය අහනවා බන්දුවර්ධන මහත්තයා වැඩ පටන්ගන්නේ නැද්ද කියලා.හොද ඉල්ලූමක් තවමත් තියෙනවා මට. කාගේ හරි අතහිත ඕනෑ දැන්.තනිවම කරන්න පුලූවන් ඔක්කොම කරලා,යන්න පුළුවන් සියළුම පුද්ගලයින් ගියා ඔහු පවසන්නේ ආයාචනාත්මකවය.
ඇමතීමට කැමති අයෙක් වෙතොත් ඔහුගේ දුරකථන අංකය - 0712435722

