ණයබරතාවය ගැන විවාදයට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක්


රංජන් කස්තුරි
 
රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රටේ මුළු ණය බරතාවයෙන් අති බහුතරය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ලබාගත් ණය බවද කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් දිගින් දිගටම ගෝබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් රටේ ජනතාව මුලාකර මින් සිටින බවද එහිදී මංගල සමරවීර මහතා කීවේය.

රාජපක්ෂ ආණ්ඩුව පැවති ඉකුත් 2014 වසරට සාපේක්ෂව වර්තමානයේ බඩුමිල හි වෙනසක් වී වෙනසක් නැති බවද ඔහු කීය.