ණයකරුගේ සිරුර කැලේ


රුපියල් විසි ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් සොයමින් සිටි අයකුගේ සිරුරක් බදුල්ල කැන්ද ගොල්ලේ පාළු ස්ථානයක තිබී සොයා ගත් බව පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියනුයේ මියගිය 32 හැවිරිදි  පුද්ගලයා ණය වී ඇත්තකු බවයි. ඔහුගේ මරණය සැක සහිත බව ගුරුවරියක වන බිරිය කියා ඇත.