(ඩයනා උදයංගනී)
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මූල්‍ය උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ ලසාඩ් නැමති ආයතනයටත්, ජාත්‍යන්තර නීති උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයටත් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙහෙයුම් කමිටු නිර්දේශ මත පදනම්ව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.