ණය ගෙවන්න පහසුකම් සළසන්නැයි අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලයි


(නාලක සංජීව දහනායක)

කොවිඩ්- 19 හෙවත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය වාරික කල්දැමීමේ පහසුකම් සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.
 
බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට එම ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
 
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පවතින රටවල සමාජ දුරස්ථතාථ, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ පද්ධති කළමණාකරණය සඳහා එම සහනය උපකාරිවනු ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.