(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝකයේ ධනවත් රටවල් පිටකරන 'කාබන්' ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව(සංවාදය) නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ දේශගුණය පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය

