(මුදිතා දයානන්ද)
එදා පරාක‍්‍රමබාහු රජතුමා කුරුඳු වගාකර අපනයනය කර විදේශ විනිමය සොයා පරාක‍්‍රම සමුද්‍රය හැදුවා වගේ අද තිබෙන ණය උගුලෙන් බේරෙන්න නම් කර්මාන්ත බිහිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (6) පැවසීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
'බියගම වෙළඳ කලාපය ඇති කරන කොට එදාත් සමහරු කිව්වා ඕවා කෙරෙන වැඩ නෙවෙයි කියලා. ඒත් අද බියගම විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අද අපි මාවතගම, මිල්ලනිය ප‍්‍රදේශවල වෙළඳ කලාප ඇති කරන්න කටයුතු කරමින් ඉන්නවා.
අදත් ඇතැම් අය ඒවා කවදා කෙරෙන වැඩද කියලා අහනවා. ඒත් අපි මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරිම වෙනුවෙන් සැලසුම් ක‍්‍රියාත්මක කරගෙන යනවා. අපිට විදේශ විනිමය අවශ්‍යයි. නැත්නම් මේ ණය උගුලෙන් බේරෙන්න බැහැ. පරාක‍්‍රමබාහු රජතුමා පවා විදේශ විනිමය අවශ්‍යතාව දැක්කා. ඒ නිසා තමයි කළුතර ප‍්‍රදේශයේ කුරුඳු වගාකර පිටරට යැව්වේ. පරාක‍්‍රම සමුද්‍රය හැදුවේ ඒ මුදල් යොදවලයි.'
ඡායාරූප - ශාන්ත රත්නායක