( ෂෙල්ටන් හෙට්ටිආරච්චි )
ස්වශක්ති ණය යෝජනා ක‍්‍රමයේ අයඳුම්පත‍්‍ර 35 ක් රුපියල් 2000/- බැගින් විකුණා වංචනික ලෙස ආදයමක් ඉපයු බව කියන උඩපුස්සැල්ලාව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
ජාතික ප‍්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කි‍්‍රයාත්මක කරන ලබන ස්වශක්ති ණය යෝජනා ක‍්‍රමයේ යටතේ රුපියල් දෙලක්ෂ පනස්දහසක ණය මුදලක් රාජ්‍ය බැංකු හරහා නව ව්‍යාපාර ආරම්භ කිරීමට හා දියුණු කරගැනීමට ලබාදෙයි.
එහි අයදුම්පත් 35ක් මෙලෙස වංචනික ලෙස විකුණා ඇතැයි පොලිසිය කියයි.

