(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික උද්‍යානයේ පේරක කලාපයේ ඩෝසර් කළ, අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබ වටා තිබී හානි කරන ලද තවත් දාගැබ් හතරක් අසළ තිබී රන් කහවණු ඇතුළු පුරාවස්තු කිහිපයක් අද(15) හමු වූ බව ඕනෑගම මැදමළුව මහා විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පැවසූහ.
ඒ අනුව, කුඩා බුදු පිළිමයක සිරසක්, විවිධ පබළු, රන් කහවණු සහ මැණික් ගල් හමුවූ බව චන්දිම හිමියෝ කියාසිටියහ.
කිසියම් පිරිසක් විසින් දාගැබ සහ පරිවාර දාගැබ් විනාශ කර කුඹුරු වගාකිරීමට භූමිය සකස් කළ බවට ඉකුත් 9 වැනිදා ලංකාදීප පුවත්පත සහ වෙබ් අඩවිය කළ හෙළිදරව්වක් අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් පැමිණ මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත්, මෙම පුරාවස්තු විනාශය ගැන බලධාරීන්ගේ අවධානය යොමුකරන බවත් පැවසීය.
අද උදෑසන එම විහාර අසළ කැණීම් කරමින් තිබියදී පුරාණ වස්තු හමු වූ බව චන්දිම හිමියෝ සඳහන් කළහ.
මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් සහ බෞද්ධ උරුමයන් සහ පුරාවිද්‍යා වස්තූන් සම්බන්ධව ගවේෂණ කිරීමේ කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණ පුළුල් පරීක්ෂණ කරමින් සිටින බවද, එම හිමියෝ කීහ. සෝමාවතිය සහ ජල ගැලීම් ජාතික උද්‍යානවල ඇති මෙවන් වටිනා දාගැබ් පරිවාර ච්‍යෛ ස්ථූප මෙන්ම අනිකුත් පුරාවස්තු විවිධ අපරාධකරුවන්ගෙන් බේරාගැනීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනපතිතුමාගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බව ඒ චන්දිම සඳහන් කළහ. ප්‍රදේශයේ ජනතාව එම හානි වූ දාගැබ් නැරඹීමට යමින් සිටිති.





