ඩෝසන් කුළුණට කණ කොකා හඬයි


කඩුගන්නාවේ පිහිටි කැප්ටන් ඩෝසන් සිහි වීමේ ‘ඩෝසන් කුළුණ‘ නඩත්තුවක් නොමැතිකමින් විනාශ වීමේ  අවදානමක ඇතැයි එය නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයෝ පවසති.

කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරිමේ ලා පුරෝගාමී වු කැප්ටන් ඩෝසන් සිහිවීම පිණිස එවකට ආණ්ඩුකාර ව සිටි එඩ්වඩ් බාන්ස් මහතාගේ අනුමැතිය ඇතිව මෙම ඩෝසන් කුලුන ඉදි කර ඇත.

උසින් මිටර් 13.5 ක් වන මෙම ඩෝසන් කුළුණ ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. දැනට මෙම කුලුන පුරා විද්‍යා ස්මාරකයක් හැටියට නම් කර තිබුනද මේ වන විට කිසිදු නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් යන බව සංචාරකයෝ කියති.

කුලුන උඩ ගස් පැලවී ඇති බවත් පෙනෙන්නට ඇත. මෙම කුඵණ උඩට නැගීම සදහා ඇති පඩිපෙළ දිරා ගොස් ඇති අතර නරඹන්නට පැමිණෙන්නන් විසින් එහි බිත්ති සුරා නම් ගම් ගී පද ගියා ඇත. එහි ඇතුලතට විදුලියවත් නොමැති වීම නරඹන්නන්ට අනතුරුදායක තත්ත්වයක් උදාකරන බවද කියති.

කුළුණ මුදුනේ ඇති යකඩ වැටද දිරා යාමේ අවධානමකට පත් වි ඇති බවද දක්නට ලැබේ.

මේ ගැන පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට කිහිප වරක්ම දන්වා සිටියත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කඩුගන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති එස්. කේ. අබේසිරිවර්ධන මහතා පැවසිය.

මහනුවර පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ සම්බන්ධව විමසූ විට කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස එහි නිලධාරින් පවසා සිටියත් කොළඹ කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

CIMG4977 CIMG4994 CIMG4996 CIMG4998