ඩොලර් ට්‍රිලියනය ගැන රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ මත දෙකක


ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ඇමෙරිකානු ජනතාවට සහන සැලැසීම සඳහා යෝජනා වූ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රිපබ්ලිකන් පක්ෂයට හා ඩිමොක්‍රටික් පක්ෂයට නොහැකි වී ඇත.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම සඳහා කාලසීමාවක් ද නම් කර තිබිණි. මූල්‍ය සහන බෙදා දෙන්නේ කෙසේද එය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. මේ අනුව අද පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

සිකුරාදා දිනය සඳහා කොටස් වෙළෙඳපොළ කටයුතු නවත්වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳපොළවල් දශකයකට පසු සතියක් තුළ වාර්තා කළ විශාලතම කඩා වැටීම වාර්තා කර තිබිණි. පසුගිය සතියක කාලයේදී  කොටස් වෙළෙඳපොළවල් 17% කින් පහත වැටිණි.

ඒ.එෆ්.පී.

055